මතින් තොර රටක් ගොඩනැගීමේ අභියෝගය ජය ගැනීමට සියලූදෙනා අධිෂ්ඨානයෙන් පෙළ ගැසෙමු – ජනපති



මත්ද්‍රව්‍ය උවදුරෙන් රට නිදහස් කර ගනිමින් මතින් තොර රටක් ගොඩනැගීමේ අභියෝගය ජය ගැනීමට සියලූදෙනා අධිෂ්ඨානයෙන් පෙළගැසිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කළේය.

අප සෑමවිටම අතගැසිය යුත්තේ පහසු කාර්යන් සදහා නොව අපහසු කාර්යයන් සදහා බව ද සඳහන් කළ ජනාධිපතිතුමා අප වඩාත් ආදරය කළ යුත්තේ අභියෝගවලට බව ප්‍රකාශ කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ කෝට්ටේ නාගවිහාරස්ථ සමස්ත ලංකා අමද්‍යප තරුණ සංවිධානයේ හතළිස් වන සංවත්සර උත්සවයට අද (02) පෙරවරුවේ එක් වෙමිනි. උත්සවය කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ දී පැවැත්විණි.

අනාගත සමාජය මත් උවදුරෙන් ගලවා ගැනීමට ජාතික ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවන බව එහිදී පැවසූ ජනාධිපතිතුමා මත් කුඩු, මත් පෙති මෙන්ම සියලූ මත්ද්‍රව්‍ය පිළිබද අද තිබෙන නීති රීති වඩාත් ශක්තිමත් කිරීම රජයේ අරමුණ බව ද ප්‍රකාශ කළේ ය.

මතින් තොර රටක් ගොඩනැගීමේ අභියෝගය ජය ගැනීමට යන ගමනේදි මහා සංඝරත්නයේ ආශීර්වාදය මෙන්ම ජාතික මෙහෙවරක් ඉටු කරන විශිෂ්ට සංවිධානවල සහායද අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.


මත් ද්රනව්ය නිවාරණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනපති ප්රාධානත්වයෙන්



මත් ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමින් වහන්සේ, පූජ්‍ය මාදුථවාවේ සෝභිත ස්වාමින් වහන්සේ සහ පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේද, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ජනාධිපති ලේකම් පි.බී. අබේකෝන්, ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක යන මහත්වරුන් ද පොලිස්පතිතුමා, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ රාජ්‍ය නිලධාරිහුද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.


සුරාබදු ආඥා පනතේ නියමයන් උල්ලංඝනය කරමින් පවත්වා ගෙන යන සුරාසල් බලපත්රි වහාම ක්රිමයාත්මක වන පරිදි අවලංගු කිරීමට නියෝග



සුරාබදු ආඥා පනතේ නියමයන් උල්ලංඝනය කරමින් නීති විරෝධි ලෙස දිවයින පුරා පාසල්, විහාරස්ථාන සහ ආගමික ස්ථානවලට මීටර් 500 ක් ඇතුළත පවත්වාගෙන යන සුරාසල්වල බලපත්‍ර වහාම අවලංගු කර එම සුරාසල් වසාදැමීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ඒකාබද්ධ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් කමිටු රැස්වීමට එක්වෙමිනි.

වත්මන් රජය විසින් ක්‍රියාවට නංවා ඇති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇති අතර එම කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා මෙහිදී නීතිපතිවරයා වෙත උපදෙස් ලබා දුන්නේය. එමෙන්ම මත්ද්‍රව්‍ය වැටලීම් කටයුතු තදින්ම ක්‍රියාත්මක කරන ලෙසද පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේය.

බූස්ස එළිමහන් සිර කඳවුරේ දැනට සිටින සිරකරුවන් සුළු පිරිස වෙනත් සිර කඳවුරකට යොමු කර බුස්ස එළිමහන් සිරිකඳවුර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයක් ලෙස භාවිතයට ගන්නා ලෙස ජනාධිපතිතුමා අධිකරණ අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය. ලෝකයේ සංවර්ධන වන කිසිඳු රටක නගර මධ්‍යයේ සිරකඳවුරු පවත්වාගෙන නොයන අතර අපේ රටේද නගර මධ්‍යයේ ඇති සියලූ සිරකඳවුරු වෙනත් සුදුසු ස්ථාවලට යොමු කිරීම සඳහා වැඩපිළිවෙලක් සකසන ලෙසද උපදෙස් දුන්නේය.

එමෙන්ම සෞඛ්‍ය විෂය පාසල් අධ්‍යාපනයට අනිවාර්යය විෂයක් බවට පත් කිරීමේ වැදගත්කමද පෙන්වා දුන් ජනාධිපතිතුමා විභාගවලට අනිවාර්යය විෂයක් ලෙස නොව දරුවන්ට අනිවාර්යෙන් ඉගැන්විය යුතු විෂයක් බවට සෞඛ්‍ය විෂය පත් කිරිමට ජාතික අධ්‍යාපන ආයතන සමඟ සාකච්ඡා කරන ලෙසද අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

දුම්කොළ සහ මධ්‍යසාර නිවාරණය සඳහාදීප ව්‍යාප්ත වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා අනු කමිටු කිහිපයක් පත් කිරීමටද ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබා දුන් අතර ලෝක දුම්වැටි දිනයට සමගාමීව දුම්කොළ සහ මධ්‍යසාර නිවාරණය සඳහා විශේෂ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද උපදෙස් දුන්නේය.


ලොව ම ගිනි ගන්නා දුම්වැටිය නිවා දැමීමේ සටන ජනපති අණින් සවිමත් කරයි



මින් පෙර පැවති කිසිදු රජයක් දුම්කොළ සහ මද්‍යසාර පාලනය සදහා ප්‍රමාණවත් උත්සාහයක් නොගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (29) පෙරවරුවේ පැවති ,දුම්කොළවලින් තොර ශ්‍රී ලංකාවක්, – ජාතික සමුථවේ සමාරම්භක උළෙලට සහභාගීවෙමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය.

එහිදි ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ පසුගිය වසර පහකට ආසන්න කාලයේදී සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමන් පෞද්ගලිකවම දුම්කොළ සහ මද්‍යසාර පාලනයට ගත් උත්සාහයන් වෙනුවෙන් අවශ්‍ය නායකත්වය සහ සහාය එවකට සිටි රාජ්‍ය නායකත්වයෙන් නොලැබීම පිළිබද තමා කණගාටුවට පත්වන බවයි.

ජනවාරි 08 වෙනිදා නව රජය බලයට පත්වීමත් සමග මෙරට දුම්කොළ සහ මද්‍යසාර පාලනය කිරීමට අදාළ සෑම පියවරක්ම ගැනීමට තමා විෂයභාර අමාත්‍යවරයාට සහ ඊට අදාළ ආයතනවලට උපදෙස් දුන් බවද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

දුම්කොළ සහ මද්‍යසාර පාලනයට විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායක් පිහිටුවීමට කටයුතු කළ බවද සිහිපත් කළ ජනාධිපතිතුමා 2015 වසරේදී මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් සමාජය දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් රැසක් කි්‍රයාත්මක කිරීමට අපේක්ෂා කරන බවද පැවසීය.

විනය, ශික්ෂණය, මානසික හා කායික සෞඛ්‍ය යන අංශයන්හි දියුණුව සදහා මද්‍යසාර සහ දුම්වැටි බාධාවක් බවද ජනාධිපතිතුමා පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා දුම්කොළ සමාගම් නියෝජිතයින් එකම මේසයක එක් පසෙකත්, එවකට සෞඛ්‍ය අමාත්‍ය මෛති්‍රපාල සිරිසේන මැතිතුමා තවත් පසෙකත් අසුන් ගන්වා එතුමාගේ දුම්කොළ සහ මද්‍යසාර වැඩසටහනට එරෙහිවත් දුම්කොළ සමාගම් වල අභිලාෂයන් දිනා දීම වෙනුවෙනුත් විවිධ කටයුතු සිදුකළ බව තමා පුද්ගලිකවම දන්නා බවයි.

දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය සහ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය එක්ව සංවිධාන කළ මෙම දෙදින වැඩමුථවේ සමාරම්භක උත්සවයට විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහිපාල, දුම්කොළ සහ මද්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් යන මහත්වරුන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය නියෝජිත වෛද්‍ය අර්වින්ද් මාතූර් මහතා ද එක්ව සිටියහ.

අද ආරම්භ වූ මෙම ජාතික සමුථව හෙට අවසන් වීමට නියමිතයි.

දුම්කොළවලින් තොර ශ්‍රී ලංකාවක්, – ජාතික සමුථවේ සමාරම්භක උළෙලට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ සම්පූර්ණ කතාව:

සෞඛ්‍ය අමාත්‍යාංශය හා ජාතික මධ්‍යසාර සහ දුම්කොළ අධිකාරියේ නායකත්වය තුළ පැවැත්වෙන මේ සමුථව ජාතික වශයෙන් ඉතා වැදගත් වෙනවා. දුම්කොළවලින් තොර ශී්‍ර ලංකාවක් යන තේමාව යටතේ මේ පවත්වන වැඩසටහන ඉතා කාලෝචිත යුගයට අවශ්‍ය වැඩසටහනක් විදිහටයි මම දකින්නේ.

විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවරුදු 05 ක කාලසීමාව තුළ අපේ රටේ මත්ද්‍රව්‍ය විරෝධි වැඩසටහනේ විශේෂයෙන්ම රටේ ජනතාව දරුවන් මතින් තොර සමාජයක් කරා ගෙන යාමේ වැඩසටහනේදී එදා මා වෙත අද මේ පැමිණ සිටින සියලූ ආයතන විශාල සහයෝගයක් ලබා දුන්නා.

ආචාර්ය කාලෝ ෆොන්සේකා මහතා එදා මෙහි සභාපතිවරයා විදිහට හිටියේ ඒ වගේම රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන රාශියක් විශේෂයෙන්ම එදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගපෙන්වීම තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදුන් සහයෝගය විශේෂයෙන් සිහිපත් කරනවා.
අපි මේ අවුරුදු 05 තුළ දුම්කොළ, මධ්‍යසාර මේ පිළිබද ගෙන ගිය පුථල් ජාතික වැඩසටහන කොතෙක් ශක්තිමත් වූවාද යන්න මා විශ්වාස කරන්නේ ඒ වැඩසටහනේ ප්‍රතිඵලයක් තමයි මම ජනාධිපතිවරයාවීම කියලා. ඒ මොකද ඊට බලපෑ කරුණු රාශියක් තුළ විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සිට සියලූ අංශ ඒ වගේම මේ වැඩසටහන් ජනතාව අතර ප්‍රචලිත කිරීමේදී ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය නිලධාරින් ඇතුථ ක්ෂේත්‍රයේ කාර්ය මණ්ඩල අපට දැක්වූ සහයෝගය මට කිසිදවසක අමතක කරන්න පුථවන් කමක් නැහැ.

ඒ වගේම අනෙක් පැත්තෙන් රටේ උගත්, බුද්ධිමත් විවිධ ක්ෂේත්‍රවල විශිෂ්ටයින්, ප්‍රවීනයින් විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ප්‍රමුඛව මෙම වැඩසටහනට දුන් මගපෙන්වීම අපි ඉතාමත් අගය කළයුතුයි. මේ වැඩසටහන කොතෙක් ප්‍රබල වුවාද යන්න ලෝක සෞඛ්‍ය සංවිධානය 2013 වසරේ එදා මා වෙත පිරිනැමූ සම්මානය, ගෞරවය මම විශේෂයෙන් සිහිපත් කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයට ගෞරවයක් වශයෙන්.
මේ රටේ සෞඛ්‍ය අමාත්‍යවරයාට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සම්මානයක් ලැබිලා ඒ හා සමගම 2013 වසරේ ලෝක සෞඛ්‍ය නායකයින් ගණයට ඇමරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලය මා තෝරාගෙන මේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සමුථවේදී ඒ ලැබූ ජයග්‍රහණය සහ ඒ කරන ලද ගෞරවය පිළිබදව වචනයක් හෝ කථා කරන්න එවකට සිටි රාජ්‍ය නායකයින් නම්‍යශීලි නොවූ බව මා අදත් සිහිපත් කරන්නේ වේදනා සහගතවයි.

අපිට මේ රට වශයෙන් තිඛෙන පුථල් ජාතික කාර්යයන් තුළ මේ රටේ මතින් තොර සමාජයක් ගොඩනැගීමේ කාර්යයේදී වත්මන් නව රජය විදිහට ගතහැකි ගතයුතු සෑම පියවරක්ම ගන්නා බව ප්‍රකාශ කරන්න ඕන.

දැනට මාස එක හමාරකට විතර කලින් මට ලැබුණා සුරාබදු දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක්. ලංකාවේ මද්‍යසාර අළෙවි කිරීමේ මධ්‍යස්ථාන 326 ක් සාමාන්‍ය මද්‍යසාර අළෙවි කිරීමේ අළෙවි සැල් සදහා තිිබියයුතු නීති, රීතිවලට පටහැනිව පවත්වාගෙන යාම සම්බන්ධයෙන්. මම නියෝගයක් කළා ඒ 326 වහාම අවලංගු කළයුතුයි කියලා එවැනි නීති රීතිවලට පටහැනිව පවත්වාගෙන යන නමුත් ඒ සමගම භාණ්ඩාගාරය මට ලිපියක් එවනවා ඒවා අවලංගු කළොත් මේ වසරේ වාර්ෂිකව ලැබෙන ඉලක්ක සහගත මුදල් ප්‍රමාණය භාණ්ඩාගාරයට ලැඛෙන්නේ නෑ කියලා. ඒක තමයි තත්ත්වය, ඒ නිසා මේ ඉන්න විශේෂඥ වෛද්‍යවරුන් ඇතුථ මේ ජාතික මද්‍යසාර, දුම්කොළ අධිකාරියේ නායකත්වය තමුන්නාන්සේලාට පුථවන් භාණ්ඩාගාරයේ නිලධාරින්ට කියල දෙන්න මේ කාර්යයේ වැදගත්කම පිළිබද භාණ්ඩාගාරයට වාර්ෂිකව මේ දුම්කොළවලින් ලැඛෙනවා බිලියන් 60 ක් විතර. මද්‍යසාර අළෙවියෙන් ලැඛෙනවා බිලියන් 55 ක් විතර. මද්‍යසාරවලින් ලැඛෙන බිලියන් 55 ක ප්‍රමාණයෙන් නීති විරෝධිලෙස පවත්වාගෙන 326 ක් මම අවලංගු කරපුවහම රජයට බලාපොරොත්තුවන ආදායමෙන් යම් ප්‍රමාණයක් අඩු වෙනවා කියලා කියපුවහම අපි වාර්ෂිකව සෞඛ්‍ය ක්ෂේත්‍රයට, රෝග වැළැක්වීම, නිවාරණය, ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛ මේ සියලූ සේවාවන්වලට කරන වාර්ෂික වැය කිරීම් එක්ක මේ අතරේ තිඛෙන වෙනස තමුන්නාන්සේලා භාණ්ඩාගාර නිලධාරින්ට කියලා දෙනවනම් හො`දයි කියලා තමයි මම යෝජනා කරන්නේ.

ඉතින් ඒ නිසා මේ කටයුතුවලදී විශේෂයෙන් රජයක් විදිහට අපිට කරන්න පුථවන් හැම කාර්යයක්ම අපි ඉටුකරනවා. මේ සමුථවක් තුළ කෙරෙන සාකච්ඡා දැන් අද ආරම්භ වූ මෙම සමුථව දින දෙකක් පුරා මේ ස්ථානයේ පැවැත්වෙනවා. මේ කටයුතු එක පැත්තකින් විෂයගත කරුණු වගේම අනෙක් පැත්තෙන් මේ සමුථව තුළ පොදු මහජනතාවට පාසල් දරුවන් ප්‍රමුඛව ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අප දැනට දෙන පණිවිඩය මීට වඩා ශක්තිමත් කිරීම ඉතාමත්ම අත්‍යාවශ්‍යයි.

මම ජනාධිපතිවරයා වීමෙන් පසුව මාසයක් වගේ ඇතුළත විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායක් පිහිටෙව්වා අපේ රටේ මත්ද්‍රව්‍ය වැළැක්වීම හා නිවාරණය සම්බන්ධයෙන් ජාතික වැඩසටහනක් වශයෙන්. ඒ වැඩසටහන සෞඛ්‍ය ඇමතිතුමා, සෞඛ්‍ය අමාත්‍යාංශය, මධ්‍යසාර සහ දුම්කොළ අධිකාරිය ඒ වගේම අනෙකුත් ඊට අදාළ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන ගණනාවක් සමගයි කි්‍රයාමක කරනු ලබන්නේ. ඒ නිසා මේ වර්ෂ 2015 වර්ෂය විදිහට අපි විශේෂ වැඩසටහනක් සකස් කර තිබෙනවා සාමාන්‍ය ජනතාව අතරට ගෙනියන්න මත්ද්‍රව්‍යවලින් වැළැක්වීම සහ නිවාරණය කියන මේ කරුණු සම්බන්ධයෙන්.

රටක තිබිය යුතු විනය, හික්මීම, යහපත්කම, හැදිච්චිකම මේ සියල්ලටම බරපතල අභියෝගයක් තමයි මත්ද්‍රව්‍ය අපි දන්නවා. කායික හා මානසික සෞඛ්‍යයේදී බලපාන්නා වූ කරුණු වගේම ඒ තුළ ඇතිවන බරපතල සමාජ ව්‍යසනය අපි හැකිතරම් අවම කිරීම සදහා සැමවිටම කටයුතු කළයුතුයි.
ඒ නිසා මෙහි වැදගත්කම සම්බන්ධයෙන් තමුන්නාන්සේලාට වඩා මේ ගැන කථාකිරීම අවශ්‍ය වන්නේ නැහැ. විශේෂයෙන් පාසල් දරුවන් මුල්කරගෙන පැවැත්වු තරග චිත්‍ර තරග වැනි මා ඉතාමත් අගය කරනවා මේ රටේ ලක්ෂ 40 කට ආසන්න පාසල් දරුවන් තමයි සමාජයට යහපත් පණිවිඩයක් දෙන්න හොදම පණිවිඩකරුවා සහ මාධ්‍යය. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය මේ සියල්ල ඒකාබද්ධව මේ ගෙනයන පුථල් ජාතික වැඩසටහන, මත්ද්‍රව්‍ය වැළැක්වීම, නිවාරණය මේ සියලූ කටයුතු සම්බන්ධයෙන් අපි ප්‍රධාන වශයෙන් ඉලක්ක කරන්නේ පාසල් දරුවන් ප්‍රමුඛ ව සමාජයට මේ පණිවිඩය දීමයි.

ඒ නිසා මේ කටයුතුවලදී පසුගිය කාලසීමාවටත් වඩා ඔබ සියලූදෙනාගේ සහයෝගය රජයට සෞඛ්‍ය අමාත්‍යාංශයට, අධ්‍යාපන අමාත්‍යාංශයට ලබාදෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමින් මේ වැඩසටහන කිරීමේ නායකත්වය ගත් ජාතික මධ්‍යසාර සහ දුම්කොළ අධිකාරියේ වර්තමාන සභාපති විශේෂ වෛද්‍ය පාලිත අබේකෝන් මැතිතුමා සහ එහි සාමාජිකත්වය, අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුථ සෑම කෙනෙකුටම මගේ ස්තූතිය පුද කරනවා.


ඒකාබද්ධ මත්ද්ර්ව්යර නිවාරණ මෙහෙයුම් කමිටුව ජනපති ප්රබදානත්වයෙන් රැස් වෙයි



මතින් තොර රටක් ගොඩනැගීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් පත් කර ඇති ඒකාබද්ධ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් කමිටුව අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමාගේ ප්‍රධාන්වයෙන් රැස් විය.

පූජ්‍ය අතුරලියේ රතන, පූජ්‍ය මාදුථවාවේ සෝභිත යන ස්වාමින් වහන්සේලාද අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුථ රාජ්‍ය නිලධාරිහුද, ආරක්ෂක අංශ ප්‍රධානිහුද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.


ජාත්යහන්තර දුම්වැටි විරෝධී දින සැමරුම් උත්සවය ජනපති ප්ර්දානත්වයෙන්



ජාත්‍යන්තර දුම්වැටි විරෝධී දින සැමරුම් උත්සවය ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

 

 පූජ්‍ය අතුරලියේ රතන හිමි, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි ඇතුථ භික්ෂූන් වහන්සේ ද සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.බී. දිසානායක යන මහත්වරුන් ද අමාත්‍යාංශ ලේකම්වරුන්, ත්‍රිවිද හමුදා නිළධාරීන් සහ කොළඹ පාසල් නියෝජනය කරන පාසල් සිසුන් ඇතුළු පිරිසක් සහභාගීව සිටියේය.


දුම්වැටි විරෝධී දිනය වෙනුවෙන් “දිවි නැගුම” පළමු කොඩිය ජනපතිට පළදවයි



ජාත්‍යන්තර දුම්වැටි විරෝධී දිනය වෙනුවෙන් දිවි නැගුම වැඩසටහන විසින් දියත් කරනු ලබන දීපව්‍යාප්ත කොඩි වැඩසටහනේ පළමු කොඩිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළදවීම ජනාධිපති නිළ නිවසේ දී අද (01) පෙරවරුවේ සිදු විය.

 

දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ සංවර්ධන අංශය විසින් දියත් කර ඇති දුම්වැටි හා මත් විරෝධී ව්‍යාපාරය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම කොඩි දිවයින පුරා අළෙවි කිරීමට නියමිතය.

 

මේ අතර, දිවි නැගුම දෙපාර්තමේන්තුව විසින් මින් පෙර ක්‍රියාත්මක කළ සිසු දිරිය සහ දිරිය පියසවැඩසටහන් වලින් සාර්ථකත්වය ලබා ගත් සිසුන් සහ දිවි නැගුම සාමාජික-සාමාජිකාවන් වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානය ද ජනාධිපතිතුමා අතින් සිදු විය. ‍

 

මෙම අවස්ථාවට නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස, නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී යන මහත්වරුන් ඇතුථ පිරිසක් එක්ව සිටියහ.


පාසල් දරුවන් මත්ද්රකව්ය‍වලින් බේරා ගැනීම සඳහා පුළුල් ජාතික වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්රිරයාවට නංවනවා – ජනපති



පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලින් බේරා ගැනීම සදහා පුළුල් ජාතික වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාවට නංවන බව  ජනාධිපතිතුමා පවසයි.

මත්ද්‍රව්‍ය පිළිබඳ නීති රීති ඉදිරියේදී වඩා දැඩිව කි්‍රයාත්මක කරන බව පැවසූ ජනාධිපතිතුමා යහපත් සමාජයක්  ගොඩනැගීමට අභියෝගයක්ව ඇති මත්ද්‍රව්‍ය සමාජයෙන් තුරන් කර දැමීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවද ප්‍රකාශ කළේය.

ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ 138 වන වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට අද (18) පස්වරුවේ එක් වෙමිනි.

සමාජය වෙළාගෙන ඇති මත්ද්‍රව්‍ය හේතුවෙන් අශිලාචාරකම, අවිනීතකම රට පුරා පැතිර ඇති බව පෙන්වා දුන්  ජනාධිපතිතුමා මෙම ඛේදවාචකයෙන් රටත්, ජනතාවත් බේරා ගැනීම තවදුරටත් කල් දැමිය නොහැකි බවද අවධාරණය කළේය.

මේ අතරම අන්තර්ජාලයෙන් සහ රූපවාහිනියෙන් දකින ඇතැම් දර්ශන ළමා මනස විකෘති කරන බවත්, ඒ පිළිබඳ  අවධානය යොමු කර යම් විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට වගකිවයුතු සියලූදෙනා පියවරගත යුතු බවත්  ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

රට තුළ ඇති කරන නව ආර්ථීක හා දේශපාලන වෙනස සමගම යහපත් සමාජයක් ගොඩනැගීම පිළිබඳවද නව සැළසුම් සහ ආදර්ශයන් ඔස්සේ කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

අද පස්වරුවේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා එහි සිසු දරුවන් විසින් මහත් හරසරින් යුතුව පිළිගෙන විද්‍යාලය වෙත කැඳවාගෙන යනු ලැබීය.

විද්‍යාලයේ පෝතක බාලදක්ෂයින් විසින් විශේෂ උත්තමාචාරයක්ද ජනාධිපතිතුමා වෙනුවෙන් පිරිනැමීය.

යුද්ධයෙන් මිය ගිය විද්‍යාලයේ ආදි ශිෂ්‍යය රණවිරුවන් සිහිපත් කිරීම වෙනුවෙන් විද්‍යාල පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති රණවිරු ස්මාරකය සඳහා පුෂ්පෝපහාර දැක්වීමටද ජනාධිපතිතුමා එක් විය.

අනතුරුව ත්‍යාග ප්‍රදානෝත්සවයට එක් වූ අතර විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් වෙත සංකේතාත්මකව ත්‍යාග ප්‍රදානය කිරීමටද එක් විය.

ජනාධිපතිතුමා වෙත රිච්මන්ඩ් විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ උපහාරය පුද කරමින් සමරු තිළිණයද පිළිගැන්විනි.

අමාත්‍ය පියසේන ගමගේ, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, නියෝජ්‍ය කථානායක චන්දිම විරක්කොඩි, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ යන මහත්වරුන් ද විද්‍යාලයේ විදුහල්පති ඊ.එම්.එන්. ඒකනායක මහතා ඇතුළු ආචාර්ය මන්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් ද ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්ව සිටියහ.


දේශීය ආහාර නිෂ්පාදනය, මත්ද්රබව්ය නිවාරණය මෙන්ම පරිසර සංරක්ෂණය වෙනුවෙන් ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙලට ඉන්දීය හිටපු ජනාධිපතිවරයාගේ දැඩි ප්රශසාදය



දේශීය ආහාර නිෂ්පාදනය නගාසිටුවීම, මත්ද්‍රව්‍ය නිවාරණය මෙන්ම පරිසර සංරක්ෂණය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල  සිරිසේන මැතිතුමා ප්‍රමුඛ වත්මන් රජය ගෙනයන වැඩපිළිවෙල ඉන්දීය හිටපු ජනාධිපති අබ්දුල් කලාම් මහතාගේ දැඩි පැසසුමට ලක් වෙයි.

සංචාරයක් සදහා මෙරටට පැමිණි හිටපු ඉන්දිය ජනාධිපති අබ්දුල් කලාම් මහතා අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ගරු ජනාධිපති මෛතී්‍රපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේදී මෙසේ සිය ප්‍රසාදය පළ කළේය.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි හිටපු ඉන්දීය ජනාධිපතිවරයා ඉතා සුහදශීලිව පිළිගත් ජනාධිපතිතුමා ශ්‍රි ලංකාවට පැමිණි මෙවන් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු මුණ ගැසීමට ලැබීම පිළිබද සිය සතුට පළ කළ අතර දෙරට අතර දීර්ඝ කාලයක් තිස්සේ විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ පවතින සුහදතාවයද සිහිපත් කළේය.

දෙරටට වැදගත් කරුණු රැසක්ද මෙහිදී සාකච්ඡාවට ලක්වූ අතර ශ්‍රී ලංකාවේ සාක්ෂරතාවය සහ සංචාරක කර්මාන්තයේ සාර්ථකත්වය පිළිබදවද අබ්දුල් කලාම් මහතා සිය ප්‍රසාදය පළ කර සිටියේය. දැනට ශ්‍රි ලංකාවට ආනයනය කරනු ලබන ආහාර පළතුරු සහ ඖෂධ වර්ග ඉදිරි වසර 3 තුළදි අප රට තුළම නිෂ්පාදනය කිරිමට කටයුතු යොදන බව පැවසු ජනාධිපතිතුමා අපේ රටේ තෙල් සහ ගෑස් සම්පතේ උපරිම ඵල නෙළා ගනිමින් තෙල් සහ ගෑස් සම්පතින් ස්වයං පෝෂිතවීමට බලාපොරොත්තු වන බවද පැවසීය.

ජලය වනාන්තර ඇතුලූ පරිසර සංරක්ෂණයට ඉදිරි වසර කිහිපය තුළ වැඩි අවධානයක් යොමු කරන බවත්, මත්ද්‍රව්‍ය  උවදුරෙන් සමාජය මුදවා ගැනීම සදහා ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිතුමා වැඩි දුරටත් ප්‍රකාශ කලේය.

මෙම කරුණු පිළිබද දැඩි ප්‍රසාදය පළ කළ හිටපු ඉන්දීය ජනාධිපතිවරයා මෙම තත්වයන් ශ්‍රි ලංකාවට පමණක් නොව කලාපයටම වැදගත් බව සදහන් කළේය. ඉන්දු ශ්‍රි ලංකා විද්‍යා සහ තාක්ෂණික මිත්‍රත්ව සහයෝගීතාවය පිළිබදව ද ජනාධිපතිතුමා සහ හිටපු ඉන්දීය ජනාධිපතිවරයා අතර අදහස් හුවමාරු විය.

මෙහිදි ආචාර්ය අබ්දුල් කලාම් මහතා විසින් රචිත ග්‍රන්ථ 2ක් ජනාධිපතිතුමාට පිළිගැන්වූ අතර ජනාධිපතිතුමා විසින් අබ්දුල් කලාම් මහතා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය.

අමාත්‍ය පාඨලි චමිපික රණවක, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහා යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


මෙරටට මත්ද්රවව්ය ගෙනඒම වැළැක්වීමේ පුළුල් වගකීමක් නාවික හමුදාවට පැවරෙනවා – ජනපති



ජාතික ආරක්ෂාව පිළිබද වගකීම ඉටු කරනවා සේම බරපතල සමාජ ඛේදවාචකයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය උවදුරින් සමාජය ගලවා ගැනීම සදහා විශාල වගකීමක් නාවික හමුදාව වෙත පැවරී ඇති බව ජනාධිපතිතුමා පවසයි.

මෙරටට මත්ද්‍රව්‍ය ගලාඒම වැළැක්වීම සදහා දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙලට වඩා පුළුල් ජාතික වැඩපිළිවෙලක්  ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව සිය දායකත්වය ලබාදිය යුතු බවද ජනාධිපතිතුමා පැවසීය.

ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුරේ නව සාගරික විද්‍යා පීඨ ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (28) පෙරවරුවේ එක් වෙමිනි.

විවිධ ජාවාරම්කරුවන්ගෙන් වෙරළ සංරක්ෂණ ප්‍රදේශ ආරක්ෂා කර ගැනිමද අද ගැටලූවක් බවට පත්ව ඇති බව පැවසූ ජනාධිපතිතුමා ති්‍රවිධ හමුදාව, පොලීසිය මෙන්ම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහ ජනතාවගේ දායකත්වයෙන් ජාවාරම්කරුවන්ගෙන් වෙරළ සංරක්ෂණ ප්‍රදේශ ආරක්ෂා කර ගැනීමට විධිමත් වැඩපිළිවෙලක් කි්‍රයාත්මක කළයුතු බව ප්‍රකාශ කළේය.

කිසිදු බේදයකින් තොරව තරාතිරම නොබලා සැමට නීතිය එක සේ ක්‍රියාත්මක කරන රජයක් ලෙස වරදකරුවන්ට දඩුවම් ලබාදීමට රජය කිසිදු පැකිළීමකින් තොරව කටයුතු කරන බවද ජනාධිපතිතුමා පැවසීය.

එමෙන්ම වසර 20 ක 22 ක සේවා කාලය අවසන් කර අවුරුදු 40 ක් 45 ක් වැනි තම ජීවිතයේ දැනුම, බුද්ධිය සහ අත්දැකීම් වඩා ඵලදායී ලෙස රටට ලබාදිය හැකි කාලයක නාවික හමුදාවෙන් ඉවත්වයන නිලධාරින්ට තම කැමැත්ත මත රාජ්‍ය සේවයට ඇතුළත්වීමට අවස්ථාව ලැඛෙන වැඩපිළිවෙලක් සකස් කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

අද පෙරවරුවේ  ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුර වෙත ගිය ජනාධිපතිතුමා නාවික හමුදාපති රියාර් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා විසින් පිළිගෙන කැදවාගෙන යනු ලැබීය. ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක මහතා ද මෙම අවස්ථාවටඑක්ව සිටියේය.

ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් කදවුර පරිශ්‍රයේ රැක් රෝපණයක්ද පළමුව සිදු කෙරිනි.

අනතුරුව ජනාධිපතිතුමා වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ උත්තමාචාරය පිළිගන්වමින් විශේෂ උත්තමාචාර පෙළපාලියක් පැවැත්විණි.

සමරු ඵලකය නිරාවරණය කර නව සාගරික විද්‍යා පීඨ ගොඩනැගිලි සංකීර්ණය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂන චාරිකාවකද නිරත විය. අද දින විවෘත කරනු ලැබුවේ සියලූම පුහුණු පහසුකම් වලින් යුත් ගොඩනැගිලි 10 කින් සමන්විත විද්‍යාපීඨ සංකිර්ණයේ පළමු අදියරයි.

මේ අතර කැඩෙට් පුහුණුව සදහා ත්‍රීකුණාමලය නාවික හමුදා කදවුර වෙත පැමිණ සිටි පාසල් දැරියන් පිරිසක් අතරටද ගිය ජනාධිපතිතුමා ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කථා බහක නිරත විය.

අනතුරුව ති්‍රකුණාමලය නාවික හමුදා කදවුරේ නැව් තටාකාංගනය වෙත පැමිණ එහිදී අලූත්වැඩියා කරන ලද නෞකාවක් දියත් කිරීමේ අවස්ථාවටද එක් විය.

අද පෙරවරුවේ පුරා පැය 04 කට ආසන්න කාලයක් ත්‍රීකුණාමලය නාවික හමුදා කදවුරේ ගත කල ජනාධිපතිතුමා සිය නිලකටයුතුවලින් අනතුරුව ලද මද අස්වැසිල්ල ඉතා සැහැල්ලූවෙන් ගත කළ අතර නාවික හමුදා වාදන කණ්ඩායමේ සංගීතය රස විඳිමින් ඔවුන් සමග ගීතයක් ගායනා කිරීමටද එක් වූයේ වීරෝධාර රණවිරුවන් සමග තම හෘදයාංගමභාවය බෙදා හදා ගනිමිනි.


දේශීය ආහාර නිෂ්පාදනය, මත්ද්රයව්ය නිවාරණය මෙන්ම පරිසර සංරක්ෂණය වෙනුවෙන් පුළුල් ජාතික වැඩපිළිවෙලක් ඉදිරි මහ මැතිවරණයෙන් අනතුරුව ක්රි යාවට නංවනවා – ජනපති



දේශීය ආහාර නිෂ්පාදනය, මත්ද්‍රව්‍ය නිවාරණය මෙන්ම පරිසර සංරක්ෂණය වෙනුවෙන් පුළුල් ජාතික වැඩපිළිවෙලක් ඉදිරි මහ මැතිවරණයෙන් අනතුරුව ක්‍රියාවට නංවන බව ජනාධිපතිතුමා පවසයි.

මෙම කරුණු 03 අද රටේ ප්‍රධාන ගැටලූ බවට පත්ව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ඊට විසදුම් ලබාදීම තම රජයේ ප්‍රමුඛ වගකීමක් සේ සළකා කටයුතු කරන බවත් ඊට අදාළ මුලික සැළසුම් ජනාධිපති කාර්යාලයේ  සම්බන්ධිකරණයෙන් අදාළ ආයතනවල දායකත්වයෙන් මේ වන විටත් සකස් කර අවසන් බවත් පැවසීය.

ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ පරිසර හා සත්ව හිංසනයට එරෙහි සංවිධානයේ නියෝජිතයන් සමග අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවට එක් වෙමිනි.

දැනට පිටරටින් ගෙන්වන ආහාර වර්ග රැසක් අපේ රටේම නිෂ්පාදනය කළ හැකි ඒවා වන අතර දේශීය ආර්ථීකයට ප්‍රමුඛතාවයක් ලබාදෙන රජයක් ලෙස ඊට කඩිනමි විසදුම් සෙවිය යුතු බව ජනාධිපතිතුමා පැවසීය.

එමෙන්ම බරපතල සමාජ ඛේදවාචකයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය නිවාරණයට පුළුල් ජාතික වැඩපිළිවෙලක  අවශ්‍යතාවය තදින් මතුව තිබේන බවත්  පරිසර සංරක්ෂණයද අද අපට අභියෝගයක්ව ඇති අතර මතු පරපුර වෙනුවෙන් පරිසරය සුරක්ෂිත කිරීමට රජයට දැඩි වගකීමක් පැවරී තිඛෙන බව ජනාධිපතිතුමා පැවසීය.

සංවර්ධනයත් පරිසර සංරක්ෂණයත් එකට ගමන් කළයුතු කරුණු දෙකක් බව ජනාධිපතිතුමා මෙහිදී පැවසීය. පසුගිය රජය යටතේ සිදුවු අලි පැටවුන් සොරකම පිළිබදවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ අතර එහි වැරදිකරුවන්ට අදාළ පරික්ෂණ ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව ජනාධිපතිතුමා පැවසීය.

විශේෂ වාර්තා 03 ක් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර කඩිනමින් විසදුම් ලබාදිය යුතු පරිසර ගැටළු, දේශීය මිරිදිය මත්ස්‍ය සම්පත ආනයනයට ඇතුළත් තොරතරු මෙන්ම අලි පැටුවන් ගෘහශ්‍රිත කිරීම පිළිබද එම වාර්තා සකස් කර ඇත.

ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතා ඇතුළු, අමාත්‍යාංශ ලේකම්වරුන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.


දේශීය ආහාර නිෂ්පාදනයට, පරිසර සංරක්ෂණයට, මත්ද්ර්ව්ය නිවාරණයට මෙන්ම වකුගඩු රෝග නිවාරණය සඳහා ආරම්භ කිරීමට නියමිත ජාතික වැඩසටහන්වලට අදාළ යෝජනා පළමු කැබිනට්ටුවටම



දේශීය ආහාර නිෂ්පාදනයට, පරිසර සංරක්ෂණයට, මත්ද්ර ව්ය නිවාරණයට මෙන්ම වකුගඩු රෝග නිවාරණය සඳහා ආරම්භ කිරීමට නියමිත ජාතික වැඩසටහන්වලට අදාළ යෝජනා පළමු කැබිනට් රැස්වීමටම ඉදිරිපත් කරන බව ජනපති පවසයි. ජනාධිපති ගරු මෛතීරත පාල සිරිසේන මැතිතුමා මේ බව පරනට කාශ කළේ ඉහත වැඩසටහන්වලට අදාළ ජනාධිපති කාර්ය සාධන බලකායන්වල සාමාජිකයින් සමග අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකට එක් වෙමිනි. වැඩසටහන්වලට අදාළ පරජිකගතිය ඒ ඒ කාර්ය සාධන බලකායන්ට අදාළ අධ්යාක්ෂවරුන් සහ අමාත්යාංිශ ලේකම්වරුන් විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළහ. රට අහරින් ස්වයං පෝෂිත කරන දේශීය ආහාර නිෂ්පාදන වැඩසටහන කොටස් කිහිපයක් යටතේ කිරයේ යාත්මක කෙරෙන අතර කෘෂිකර්ම පර්යේෂණ, ගුණාත්මක යෙදවුම්, කාර්යක්ෂම අළෙවි ජාලයක් වැනි ඒකක යටතේ කිරන අයාවට නැංවේ. වගා නොකළ සියලූ ඉඩම් වගකිරීමට ගොවි ජනතාව යොමු කිරීමේ වැදගත්කම මෙහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන් අතර ගොවි ජන සේවා පනතේද එය සඳහන්ව ඇති බවත් ඒ පිළිබඳව ජනතාවට යළි අවබෝධයක් ලබාදීමේ වැදගත්කමත් පෙන්වා දුන්නේය. පරිසර ගැටලූ, භූමි හායනය, අලි මිනිස් ගැටුම, වෙරළ සංරක්ෂණ වැඩසටහන් ඇතුළු අනු වැඩසටහන් 20 ක් යටතේ පරිසර සංරක්ෂණ වැඩසටහන කිරූමියාත්මක කෙරේ. පරිසර හානියට දැඩි ලෙස බලපා ඇති පොලිතින් භාවිතය සීමා කිරීමට තමා පරිසර අමාත්යදවරයාව සිටියදී ආරම්භ කළ වැඩසටහන් දැනට අකිරලෙ ය තත්ත්වයේ පවතින අතර ඒ පිළිබඳ සොයා බලා ඒවා යළි බලාත්මක කිරීමට ජනාධිපතිතුමා මෙහිදි නිළධාරින්ට උපදෙස් දුන්නේය. දැවැන්ත සමාජ ඛේදවාචකයක් බවට පත්ව ඇති වකුගඩු රෝග නිවාරණය සඳහා ගෙන යන වැඩපිළිවෙළේ පරාත ගතියද සාකච්ඡාවට ලක් විය. මත්ද්රාව්යය නිවාරණ වැඩපිළිවෙල දීප ව්යාරප්තව ඉදිරියේදී කිරපලායාවට නැංවෙන අතර ඊට අදාළ සැළසුම්ද ඉදිරිපත් කෙරිණි. මෙම සියලූ වගකීම් එක් අමාත්යාංාශයකට හෝ ආයතනයකට සීමා නොවන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා සියලූදෙනා එක්ව රටේ අනාගතය වෙනුවෙන් මෙම වැඩසටහන් ජයගරකට හණය කරා මෙහෙයවිය යුතු බවද පරසියකාශ කළේය. අමාත්යාං ශ ලේකම්වරුන් සහ එම විෂයන්ට අදාළ ජනාධිපති කාර්ය සාධන බලකායන්වල අධ්යෙක්ෂවරුන් ඇතුළු සාමාජිකයින් මීට එක්ව සිටියහ.

මත් උවදුරෙන් රට බේරා ගැනීමට සියලූදෙනා සිය වගකීම් නිසි ලෙස ඉටුකළ යුතු බව ජනපති පවසයි.



රටේත්, ජාතියේත් අනාගතය තීරණය කෙරෙන මත්ද්රවව්යට උවදුරෙන් රට බේරා ගැනීමට රජය ගෙන යන වැඩපිළිවෙලේදී තමන් වෙත පැවරී ඇති වගකීම් නිසි ලෙස ඉටු කිරීමට සියලූ අමාත්යාංරශ සහ ආයතන කැපවිය යුතු බව ජනපති පවසයි. මත්ද්රපව්ය. නිවාරණ ජාතික වැඩපිළිවෙළ කිරකිරයාත්මක කිරීමේදී මතුව ඇති ගැටලූ පිළිබඳ සාකච්ඡා කිරීමට අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව පරදී කාශ කළේය. මත්ද්රවව්යි නිවාරණ වැඩපිළිවෙළ කිරඑක්යාත්මක කිරිමේදී ඒ ඒ අමාත්යාංකශ සහ ආයතන මුහුණ දී ඇති ගැටලූ, නව යෝජනා සහ අඩු පාඩු පිළිබඳ වාර්තාවක් තමා වෙත ලැබීමට සළස්වන ලෙසද මෙහිදී ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. මත්ද්ර ව්යබ රටතුළට ගෙන්වීම පිළිබඳ වැටලීම්වලදී පැන නැගී ඇති නීතිමය ගැටලූ පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි. වැටලීම් සිදු කිරීමේදී හා නීතිය කිරෙන යාත්මක කිරීමේදී අදාළ ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොමැතිවීම හේතුවෙන් පැන නැගි ඇති ගැටලූද නිළධාරිහු ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කළ අතර මත්ද්රිව්යක නිවාරණ ජාතික වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සියලූදෙනා සහයෝගයෙන් කටයුතු කළයුතු බව එහිදී ජනාධිපතිතුමා අවධාරණය කළේය. වැටලීම් කටයුතු සඳහා නව තාක්ෂණය යොදා ගැනීමට මෙන්ම අවශ්යෙ නිළධාරින් පුහුණු කිරීමේ කටයුතු තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳවද සාකච්ඡාවට ලක් විය. මත්ද්ර ව්යි වැටලීම් සිදු කරන නිළධාරින් උනන්දු කරවීමේ අරමුණින් ඔවුන් ඇගයීමට ලක් කිරීමේ වැඩපිළිවෙලක් පිළිබඳවද අවධානය යොමු විය. ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුළු අමාත්යාංඅශ ලේකම්වරුන්ද. තිරවැඩවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිතුමා ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.